Tuesday, December 5, 2017

මම කුකුළා






ජන කතා අතර අන්දරේගේ කතා ඉතා විශේෂ තැනක් ගන්නා තර වයස් භේදයකින් තොරව ලොකු,කුඩා සියළු දෙනා ජන කතා ඇසීමට කැමතිය.රජගෙදර කවටයා වූ අන්දරේගේ කතා රාශියක් තිබෙන අතර පහත ඇත්තේ ඉන් එකකි.

 හැමදාම අන්දරේගේ කවටකම් නිසා අපහසුවට පත්වන අදිකාරම්වරු මේ අන්දරේ පරදවන්නට රහසින් කථා කර ගත්තෝය.

අපි අන්දරේ සමග ගඟට නාන්නට යමු... එක් එක්කෙනා එක් කුකුළු බිජුවක් සඟවා ගෙන යමු. පස්සෙ නාන අතරෙ , තරගයට දිය යට ගොස් කුකුළු බිත්තරයක් ගෙනෙන්නට කතිකා කරගමු...
                                                    
කතා කර ගත් පරිදි මොවුන් අන්දරේට නාන්නට යමු... යි කී කල, අන්දරේ ද හොඳයි... කියා පිටත් විය. සියල්ලෝම ගොස් ස්නානය සඳහා ගඟට බැස්සෝය.

දිය යට ගොස් කුකුළු බිජුවක් ගෙනෙන්නට පුළුවන් කාට ද ?” යි මහ අදිකාරම් තුමා විමසා සිටියේය.
මට පුළුවන්... මට පුළුවන්... කියා අනෙක් අදිකාරම්වරු සියල්ලෝම කීහ.

ඔවුන්ගේ ප්‍රයෝගය නොදැන අන්දරේ
                          මටත් පුළුවනි…” යි කීය.

සියල්ලෝම දිය යට ගොස් යලි උඩ මතු වූහ. අදිකාරම්වරු අත් දික් කොට කුකුළු බිත්තර පෙන්නුවෝය. එවිට අන්දරේට ඔවුන්ගේ ප්‍රයෝගය තේරුණේය.


කුකුළෙකු අත්තටු ගසන්නා සේ, හේ අත් දෙක දියෙහි ගසා
 කුක්කු කූ කූ... කවුරුත් කිකිළියෝ ! මම පමණයි කුකුළා...!!!
යනුවෙන් කීය.

අදිකාරම්වරු මහත් ලැජ්ජාවට පැමිණියත් ඔවුහු ඒ බැව් නොහඟවා, මහත් කොට සිනාසුනෝය.

No comments:

Post a Comment