Tuesday, December 5, 2017

සොකරි






සොකරි නාටකය වනාහි උඩරට නර්තන සම්ප්‍රදාය හා බැදුණු ගැමි නාටකයකි. මාතල,හගුරන්කෙත,වන්නිය,බදුල්ල ආදි ප්‍රදේශ පුරා ව්‍යාප්ත ව තිබෙන මේ නාටකයේ ප්‍රධාන චරිත දෙක ලෙස සොකරි හා ගුරුහාමි හැදින්විය හැකිය.

සොකරි නාටකයට සොකරි කතාව මූලාශ්‍ර  වේ.
මෙහි සොකරි හා ගුරුහාමි යන අඹු සැමියන් , පරයා නැමැති සේවකයා ද සමග ඉන්දියාවේ කාසි දේශයේ සිට මෙරටට පැමිණෙන්නේ ජීවිකාවක් සොයා ගැනීමට ය.පසුව තඹරාවිට ගමේ වෙදරාළ ඹවුන්ට ඉඩම් කැබැල්ලක් දෙයි.එහි ගෙයක් සාදාගෙන සිටින අතර ගුරුහාමිගේ කකුල බල්ලෙක් සපා කයි.ඔහුට වෙදකම් කිරීමට පැමිණි වෙදරාළ සමග සොකරිය පලා යයි. පසුව සියල්ල සමාදාන වෙයි.
මේ කතා පුවත ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වේ.
මේ සොකරි නාටකය කෘෂිකර්මික ජීවිතයක් ගත කරන ගැමියාට සැහැල්ලුවක් ,විනෝදයක් ලබා දේ.

මෙහිදී සොකරි නාටකයට කවි ගායනා කරයි.

සොකරිය සබයට එන ආකාරය කවියෙන් මෙසේ කියාපායි.

සොකරී එන්නී සබයෙන් අවසර ගන්නී
නැටුම් නටන්නි තාලෙට පාද තබන්නී
පද අල්ලන්නී පියයුරු ලැම සොලවන්නී
කැඩපත ගන්නී සැනකින් මුහුණ බලන්නී

වී කෙටීම සම්බන්ධයෙන් මෙසේ පවසයි.


සොකරි කොටන්නේ කාගේ වියක්දෝ
නෙකෙටි තියෙන්නේ මේරු ගලක්දෝ
නොපෙපි තොයෙන්නේ මානෙල් මලක්දෝ
ගුරුව නොඑන්නේ කාගේ බසක්දෝ


ගුරුහාමි ගැන මෙසේ කවියෙන් කියයි.

දේසේ සිට ආ ඒ ගුරු මහල්ලා
දියට යන්න ලැබූ ගෙඩියක් එල්ලා
තබරාවිට වෙදරාළගේ බල්ලා
ගුරුවගේ කකුලේ කාපි බොලල්ලා

මෙලෙස නාට්‍ය රසය කවියෙන් වැඩි වී තිබේ.

No comments:

Post a Comment