Monday, December 4, 2017

රබන් නැටුම




 "එකැස් බෙරය"ලෙස අතීතයේ සිටම දේශීය වාදන භාණ්ඩ අතර ජනප්‍රියව පවතින රබාන රංග භාණ්ඩයක් ලෙස යොදා ගනිමින් ඉදිරිපත් කරන විනෝදාස්වාදය අරමුණු කරගත් නර්තනාංගයක් ලෙස රබන් නැටුම හදුන්වා දිය හැකිය.
මහනුවර රාජ සභාවේ කවිකාර මඩුවට අයත් නර්තන ඉලංගමෙහි රබන් නර්තනය පැවති බවට සාධක ඇත.රබන් වර්ග රාශියක් තිබුනත් අත් රබාන සහ කරකවන රබාන නර්තන කාර්යයදී රංග භාණ්ඩ ලෙස යොදා ගනී.මේ නර්තනය විලම්භ ලය හා මධ්‍ය ලය වේගයන් අනුව සිදු කරන අතර,ලාස්‍ය චලනයන්ගෙන් සමන්විතය.
මෙම නර්තනය ස්ත්‍රී හා පුරුෂ යන දෙපාර්ශවයම සිදු කරයි.ස්ත්‍රී රංගවස්ත්‍ර නිර්මාණය වන්නේ සැට්ටය හා රෙද්ද යොදා ගෙනය.පුරුෂ පාර්ශවය රංග වස්ත්‍ර සඳහා යටි කයට දෝතියට සමාන කෙටි ඇදුමක් යොදා ගනී.උඩුකයට එක් උරයක් හරහා වැටෙන පරිදි පටියක් හා දෙඅතේ බාහු සඳහා වළල්ලක් යොදා ගනී.නමුත් මේ ඇදුම් නර්තන නිර්මාණ කරුවන් වෙනස් කරන අතර මුල් ආකaතිය ඉහත අයුරින් වේ.
රබන් නැටුම් සාමූහික නර්තන වන අතර ඇතැම්අවස්තා වල කාන්තා නර්තනයක් ලෙසද තවත් විටෙක මිශ්‍ර නර්තන අංගයක් ලෙස ද රඟ දක්වයි.
මේ අත් රබන් නර්තන සඳහා රබන් කරකැවීම සිදු කරයි.උඩරට නර්තන සම්ප්‍රදායට අනුව කෙරෙන රබන් කරකැවීමේදී ඒකල නර්තනාංගයක් ලෙස ද ඉදිරිපත් කරන අවස්ථා දක්නට ඇත.රබන් කරකැවීමේදී ඒ සඳහා විශේෂයෙන් සකස් කළ වට්ටුවක් මත අකණ්ඩව චලනය වන රබන් පහක් හෝ හතරක් සමබර කර ගෙන නැටීම විශේෂ දක්ෂතාවයකි.
පහතරට සාම්ප්‍රදායික රබන් කරකවන්නන් රිටි මත තබා ස්ර්පිලාකාර ලෙස කරකැවෙන රිටෙහි අග කෙළවර රබාන තබා අපූරු සුන්දරත්වයක් මතු වන සේ රබාන කරකැවීමෙහි යෙදේ.මෙවැනි රබන් නැටුම් පෙරහැරවල,ආගමික උත්සව වල දැකගත හැකිය.


රබන් නැටුම් නර්තනයේදී රබන් කවි ගායනා කරනු ලබයි.

අතකට ගෙන රබන් පොඩිය ගසති දිසි                   රුවින් 
ගත පිට බද සොලවා සිසි සිලි නද                        කරමින්
සිතකට වත් නොගෙන නටති විදුලිය                   විලසින් 
අහසට දමමින් අල්ලා රබාන                              දෝතින් 


අත පිට ගෙන කරකවනා සදමල්  පෙති                සේමා 
උඩු යටි කුරු කර දගරය රිටි මුදුනේ                      පැමා
ඉස මුදුනින් අහසට විසි කර අල්ලන                    සේමා
සිත අලවන රබන් නැටුම් දුටුවෙද සකි             මෙහෙමා  




No comments:

Post a Comment