Sunday, November 26, 2017

තුන් තේරවිලි

1.රේප වතුර =
රේප නම් කොම්බු,
වතුර නම් ජලය
කොම්බු ජලය- ජම්බු කොලය

2.කෙළවර හප හපා =
කෙළවර නම් කොණ,
හප හපා නම් කකා
කොණ කකා- කණ කොකා

3.අහුර හුම් හුම් =
අහුර නම් පිඩ
හුම් හුම් නම් බස්සා
පිඩ බස්සා- බඩ පිස්සා

4.වග රිද්මය =
වග නම් කරුණ
රිද්මය නම් තාලය
කරුණ තාලය- තරුණ කාලය

5.වස මැහි=
වස නම් වස
මැහි නම් මැස්ස
වහ මැස්ස - මහ වැස්ස

6.පිළිකුල් කකුල=
පිළිකුල් නම් ජරා
කකුල නම් පය
ජරා පය- පරාජය

7.පොළොව පැත්ත=
පොළොව නම් මිහි
පැත්ත නම් මිට
මිහිපිට-පිහිමිට

8.කාලය පැවරීම=
කාලය නම් කල්
පැවරීම නම් දෙනවා
කල් දෙනවා-දෙල් කනවා

9.වගේ වෙල=
වගේ නම් වැනි
වෙල නම් වෙල්
වැනිවෙල්-වෙනිවැල්

10.උදරයේ අසිපත් =
උදරයේ නම් බඩේ
අසිපත් නම් කඩු
බඩේ කඩු- කඩේ බඩු

No comments:

Post a Comment