Thursday, November 23, 2017

දස්කොන් (ජන කවි)




ශ්‍රී වික්‍රම නරේන්ද්‍රසිංහ (ක්‍රි.ව 1707-1739) රජතුමාගේ අගමෙහෙසිය වූ ප්‍රමිතා බිසව සමග රජුට ඉතා හිතවත ව කටයුතු කළ විදේශිකයකු වූ දස්කොන් රහසිගත ප්‍රේම සම්බන්ධයක් ඇතිකර ගත්තේ.මේ සම්බන්ධය දැනගත් රජතුමා කරුණු විචාරා දස්කොන් ගේ හිස දමන ලෙස නියම කළේය.මරණ දඩුවම දීම පිණිස ගෙන ගිය දස්කොන් දුටු රජ බිසව පහත දැක්වෙන කවිය කී බව ජනප්‍රවාදයෙහි එයි.

සක්මන් කර මළුවේහි බැදි හා                    ද
සිත් සන්තොසින් දුන් මුව  වී බීවා               ද
ඉක්මන් ගමන්හිටි ඔබ අද යනවා                ද
දස්කොන් මගේ නමට ජීවිත දෙනවා           ද

මේ කවිය ඇසූ දස්කොන් පිළිතුරු වශයෙන් පහත දැක්වෙන කවිය කියා ඇත.

විසැස් කමලාව රස පහස නොවී               දමා
උසස් පුදුනි ඇස දුටු පමණ                       මමා
වෙසෙස් ඔබගෙ අමයුරු පහසලත්          මෙමා
මිනිස් හිසක් දුන්නට ඔබෙ නමට              කිමා
 

No comments:

Post a Comment