Sunday, May 10, 2020

2020.05.11

Welcome
දුම්රිය ගමන් ගන්නා වෙලාවන්..👇🇱🇰
හැකි ඉක්මනින් රටම දැනුවත් කරන්න.. බොහෝ අය තවමත් නොදන්නවා විය හැකියි..වැදගත් පණිවිඩයක්..

Wednesday, December 6, 2017

ඔළිද කෙළිය


ඔලිද තිබෙන්නේ කොයි කොයිදේසේ
ඔළිද තිබෙන්නේ බංගලි දේසේ
ගෙනත් සදන්නේ කොයි කොයි දේසේ
ගෙනත් සදන්නේ සිංහල දේසේ

ඔළිද වැපුරුවද බල කියි නෑනෝ
එක්පෙතිවෙච්චිද බලකියි නෑනෝ
දෙපෙතී වෙච්චිද බලකොයි නෑනො
තුන්පෙති වෙච්චිද  බලකොයි නෑනෝ

ඔළිද කෙළිය ඉතා ජනප්‍රිය ජන ක්‍රීඩාවකි.මේ ඔළිද කෙළිය කිරීමට දෙපාර්ශවයක් අවශ්‍ය වේ.මේ සදහාම සැකසූ ලීයෙන් නිමවූ ඔළිද පුවරුවක් තිබේ.එමෙන්ම රතු හා කළු පැහැති ඔළිද ඇටද මෙයට අවශ්‍යය.අතීතයේ සෑම නිවසකම පාහේ මේ පුවරුව හා ඔළිද ඇට දැකගත හැකිය.මෙය ඔළිද පෙත නමින්ද හදුන්වයි.ඇම්බැක්කේ දේවාලයේ කැටයමක් ලෙසටත් ඔළිද පුවරුව යොදා ගෙන තිබේ.මේ ඔළිද පෙතෙහි දෙපස වලවල් දෙකක් හා තවත් වලවල් දහ හතරක් තිබේ.මෙයට ඔළිද ඇට පනස් හයක් අවශ්‍ය වේ.
විශේෂයෙන්ම අවුරුදු කාලයේදී ඔළිද කෙළිය සුලබව දැකගත හැකි අතර විනෝදය සදහා ඕනෑම අවස්තාවක කිරීමට හැකි ගෘහස්ත ක්‍රීඩාවකි.

අත් බෙහෙත්




ඉතා අතීතයේ සිටම ගැමියන් සුළු රෝග සඳහා අත් බෙහෙත් හෙවත් ගොඩ බෙහෙත්  යොදා ගනී.මේවා වෛද්‍ය උපදෙස් වලින් තොරව සාදාගත හැකි අතර රෝහල් වලින් ප්‍රතිකාර ගන්නා මට්ටමට ඇති රෝග පවා අත් බෙහෙත් වලින් සරලවම සුව කර ගත හැකිය.
අත්බෙහෙත්,ගෘහ ඖෂධ,කැළෑ බෙහෙත් යනුවෙන් හදුන්වන මේ වෙදකම් ගොඩ වෙදකම් ලෙසද හදුන්වයි.මේවාට යොදා ගන්නා බෙහෙත් කැළෑවෙන් ගැමි ගෙවල් අවටින් සොයා ගත හැකි අතර මේ නිසා මේ අත්බෙහෙත් ගැමියාට ඉතා සමීපය.මේ අත් බෙහෙත් තමාගේ මිල මුදල්,කාලය ආදිය අපතේ නොයවා නිවසේදීම සාදාගත හැකි සරල වෙදකම්‍ ය.
විශේෂයෙන් වැටීම්,තැලීම්,සීරීම්,හොරි,දද,වණ,කුෂ්ඨ ආදියටත් පණු අමාරු,වාත වේදනා,හිසරදය ආදියට මේ අත් බෙහෙත් උපයෝගී වී තිබේ.

මේ එවැනි අත් බෙහෙත් කිහිපයකි.

  • තැල්මට
මාළු සඳහා යොදාගත් ගොරකා කෑල්ලක් තලා තැල්ම ඇති තැන බදින්න.

  • බිබිලි සහිත හමේ රෝග වලට 
කරපිංචා කොළ,එළකිරෙන් තම්බා ගෑම
  • දෙබර විසට
එළබටු ගසක් සම්පූර්නයෙන් තම්බා දුම් අල්ලන්න

  • ඉක්කාවට 
පෙරිම්කායම් පුච්ච්න විට එන දුම නාසයට උරන්න

  • අළුහම්වලට 
කොහොඹ කොළ,ගන්සූරිය,අමුකහ එකට කොටා අලුහම් මත අතුල්ලන්න
තෝර කොළ,අමු කහ එකට අඹරා ගාන්න

  • මූණේ ලප වලට 
ගොටුකොළ තැම්බීමෙන් එන වතුර මද රස්නය තිබියදීම මුහුණ සෝදන්න
සුදු සදුන් උරච්චි කර ගාන්න
කඩල පිට ,මී පැණි සමග එක් කර ගාන්න

  • ඇඟපත වේදනාවට 
කටුවැල් බටු,කොත්තමල්ලි තම්බා බොන්න 





Tuesday, December 5, 2017

කුළු නැටුම්



කුළු නැටුම්

ස්ත්‍රීන්ට ම  විශේෂ වූ නැටුම් අතර වඩාත් ජනප්‍රිය වූ නැටුම් විශේෂයක් ලෙස කුළු නැටුම් හැඳින්විය හැකිය. දේශීය ගැමි නැටුම් අතරින් වඩාත් ජනප්‍රිය නර්තනයක් ලෙස සලකන කුලු නැටුම,එක අතකින් ජීවන වෘත්තියටත්,තවත් අතකින් ගෘහස්ථ ක්‍රියාකාරකම්වලටත් සම්බන්ධ වී නිර්මාණය වුවකි.

මෙහි රංග භාණ්ඩය ලෙස කුල්ල යොදා ගනී.කෙසේ වෙතත් වී ගොවිතැන හා සම්බන්ධ කටයුතුවලදී කුල්ල යොදා ගන්නා අතර කමත් බස් වහරට අනුව එය හඳුන්වන්නේ "යතුර" නමැති පාරාභාෂික පදයෙනි.  බැත ගොඩ මතට සුළං පහර වදින සේ කුල්ල දෙපසට වනා කාටුව ඉවත් කිරීම ගොවීන් යොදාගන්නා සරල උපක්‍රමයකි.එමෙන්ම හාල් පොලා ගැනීමටද කුල්ල යොදාගනී.
මේ කුළු නැටුම් නැටීමේදී කවිද ගායනා කරයි.


            
වටත් සදිසි බටකොළ වියපු           වල්ලියේ 
මටත් බලන්නට සව්දම්               ගැසිල්ලියේ
මෙරට ළඳුන් කුලු සරඹෙට           ලවුල්ලියේ
පැරකුම් රජුගේ දුව නවරත්න          වල්ලියේ

ජනකවි





ජනයා තම කාර්යය කරන අතර වෙහෙස මහන්සිය නිවා ගැනීමට ජන කවි ගායනා කර තිබේ.නමුත් ඇතැම් අවස්තාවල තම අදහස් අනෙක් කෙනාට දැනවීම සදහා ජන කවි යොදා ගෙන තිබේ.එමගින් මනා සන්නිවේදනයක්  ඇති කිරීමට සමත් ව තිබේ.
මේ එයට කදිම නිදසුනකි.



අල්ලාගෙන නෙරිය අතකින් කිම්ද නගෝ

වසාගෙන දෙතන අතකින් කිමද නගෝ

හිම්යෙකු නැති ගමන් තනි මග කිමද නගෝ

අම්බලමේ ඉදලා අපි යම්ද නගෝ


මෙයට ලැබෙන  ප්‍රතිචාරය විනීතවත් ආචාරශීලී එකකි.


අල්ලාගෙන නෙරිය මඩ තැවරෙන හින්දා

වසාගෙන දෙතන බිළිදුගෙ කිරි හන්දා

බාල මස්සිනා පස්සෙන් එන හින්දා

යන්නම් අයියන්ඩි ගම රට දුර හන්දා


මෙලෙස ජනයා අතර ජන කවි පදනම් කරගෙන සන්නිවේදනය සිදුවිය. මේ අනුව තම සිතැඟි කවිය නමැති මාධ්‍ය තුළින්, අපුර්වත්වයකින් ඉදිරිපත් කළ අතර ඊට පාළුව, පාඩුව, දුක, වේදනාව, බිය, පමණක්‌ නොව සතුට ආදී හැඟීම් හදවතින් හදවතට සන්නිවේදනය වන්නට ඉඩ හැරියේ, වරෙක මඳ සිසිල් සුළඟක්‌, පොද වැස්‌සක්‌, ප්‍රචණ්‌ඩ කුණාටුවක්‌, මුරුගසන් වර්ෂාවක්‌, මෙන්ම පරමාදර්ශයන් එක්‌කාසු කළ ජීවන දහමක්‌ මෙන්ම මනුෂ්‍යයාට ශක්‌තිය, ධෛර්යය, ශාන්තිය මෙන්ම උපේක්‌ෂාව ද ගෙනහැර දක්‌වමිනි.

මම කුකුළා






ජන කතා අතර අන්දරේගේ කතා ඉතා විශේෂ තැනක් ගන්නා තර වයස් භේදයකින් තොරව ලොකු,කුඩා සියළු දෙනා ජන කතා ඇසීමට කැමතිය.රජගෙදර කවටයා වූ අන්දරේගේ කතා රාශියක් තිබෙන අතර පහත ඇත්තේ ඉන් එකකි.

 හැමදාම අන්දරේගේ කවටකම් නිසා අපහසුවට පත්වන අදිකාරම්වරු මේ අන්දරේ පරදවන්නට රහසින් කථා කර ගත්තෝය.

අපි අන්දරේ සමග ගඟට නාන්නට යමු... එක් එක්කෙනා එක් කුකුළු බිජුවක් සඟවා ගෙන යමු. පස්සෙ නාන අතරෙ , තරගයට දිය යට ගොස් කුකුළු බිත්තරයක් ගෙනෙන්නට කතිකා කරගමු...
                                                    
කතා කර ගත් පරිදි මොවුන් අන්දරේට නාන්නට යමු... යි කී කල, අන්දරේ ද හොඳයි... කියා පිටත් විය. සියල්ලෝම ගොස් ස්නානය සඳහා ගඟට බැස්සෝය.

දිය යට ගොස් කුකුළු බිජුවක් ගෙනෙන්නට පුළුවන් කාට ද ?” යි මහ අදිකාරම් තුමා විමසා සිටියේය.
මට පුළුවන්... මට පුළුවන්... කියා අනෙක් අදිකාරම්වරු සියල්ලෝම කීහ.

ඔවුන්ගේ ප්‍රයෝගය නොදැන අන්දරේ
                          මටත් පුළුවනි…” යි කීය.

සියල්ලෝම දිය යට ගොස් යලි උඩ මතු වූහ. අදිකාරම්වරු අත් දික් කොට කුකුළු බිත්තර පෙන්නුවෝය. එවිට අන්දරේට ඔවුන්ගේ ප්‍රයෝගය තේරුණේය.


කුකුළෙකු අත්තටු ගසන්නා සේ, හේ අත් දෙක දියෙහි ගසා
 කුක්කු කූ කූ... කවුරුත් කිකිළියෝ ! මම පමණයි කුකුළා...!!!
යනුවෙන් කීය.

අදිකාරම්වරු මහත් ලැජ්ජාවට පැමිණියත් ඔවුහු ඒ බැව් නොහඟවා, මහත් කොට සිනාසුනෝය.

සොකරි






සොකරි නාටකය වනාහි උඩරට නර්තන සම්ප්‍රදාය හා බැදුණු ගැමි නාටකයකි. මාතල,හගුරන්කෙත,වන්නිය,බදුල්ල ආදි ප්‍රදේශ පුරා ව්‍යාප්ත ව තිබෙන මේ නාටකයේ ප්‍රධාන චරිත දෙක ලෙස සොකරි හා ගුරුහාමි හැදින්විය හැකිය.

සොකරි නාටකයට සොකරි කතාව මූලාශ්‍ර  වේ.
මෙහි සොකරි හා ගුරුහාමි යන අඹු සැමියන් , පරයා නැමැති සේවකයා ද සමග ඉන්දියාවේ කාසි දේශයේ සිට මෙරටට පැමිණෙන්නේ ජීවිකාවක් සොයා ගැනීමට ය.පසුව තඹරාවිට ගමේ වෙදරාළ ඹවුන්ට ඉඩම් කැබැල්ලක් දෙයි.එහි ගෙයක් සාදාගෙන සිටින අතර ගුරුහාමිගේ කකුල බල්ලෙක් සපා කයි.ඔහුට වෙදකම් කිරීමට පැමිණි වෙදරාළ සමග සොකරිය පලා යයි. පසුව සියල්ල සමාදාන වෙයි.
මේ කතා පුවත ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වේ.
මේ සොකරි නාටකය කෘෂිකර්මික ජීවිතයක් ගත කරන ගැමියාට සැහැල්ලුවක් ,විනෝදයක් ලබා දේ.

මෙහිදී සොකරි නාටකයට කවි ගායනා කරයි.

සොකරිය සබයට එන ආකාරය කවියෙන් මෙසේ කියාපායි.

සොකරී එන්නී සබයෙන් අවසර ගන්නී
නැටුම් නටන්නි තාලෙට පාද තබන්නී
පද අල්ලන්නී පියයුරු ලැම සොලවන්නී
කැඩපත ගන්නී සැනකින් මුහුණ බලන්නී

වී කෙටීම සම්බන්ධයෙන් මෙසේ පවසයි.


සොකරි කොටන්නේ කාගේ වියක්දෝ
නෙකෙටි තියෙන්නේ මේරු ගලක්දෝ
නොපෙපි තොයෙන්නේ මානෙල් මලක්දෝ
ගුරුව නොඑන්නේ කාගේ බසක්දෝ


ගුරුහාමි ගැන මෙසේ කවියෙන් කියයි.

දේසේ සිට ආ ඒ ගුරු මහල්ලා
දියට යන්න ලැබූ ගෙඩියක් එල්ලා
තබරාවිට වෙදරාළගේ බල්ලා
ගුරුවගේ කකුලේ කාපි බොලල්ලා

මෙලෙස නාට්‍ය රසය කවියෙන් වැඩි වී තිබේ.